🎥 Movie Name - Hi Nanna (2023)
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
විරාජ් කියන්නේ තමන්ගෙ අවුරුදු 6ක දියණියත්(මහී) එක්ක ජීවත් වෙන පියෙක්. ඉතිං මේ ගෙදර අම්මෙක් නැහැ. ඉතිං මහීගෙ මුවින් නිතරම නැගෙන ප්රශ්නය තමයි අම්මට මොකද වුනේ කියන එක. ඒ නිසා අම්මගෙ කථාව කියන්න කියලා තාත්තගෙන් නිතරම ඉල්ලුවත් ඔහු එය නිතරම කල් දානවා. ඉතිං ඔහොම යද්දි එක දවසක් පොරොන්දු වෙනවා පන්තියේ 1 වෙනියා උනොත් අම්මගෙ කථාව කියනවා කියලා. ඉතිං කොහොම හරි පුංචි මහී හොඳට පාඩම් කරලා පන්තියෙ පළවෙනියා වෙනවා. ඒත් විරාජ් නම් තවම කථාව කියන්න සූදානමක් නැහැ. කල් දම දම ඉන්නවා. ඔහොම ඉද්දි දවසක් මහී ගෙදරින් යනවා. මේ යන අතරෙදි ඇයට යෂ්ණාව (මෘනාල්) මුණ ගැහෙනවා. ඉතිං මේ තනියම ඇවිදින මහීගෙන් විස්තර අහල දැනගෙන, යෂ්නා පොරොන්දු වෙනවා තාත්තා ලවා අම්මා ගැන කථාව කියවවනවා කියලා.
ඉතිං අවසානයේ විරාජ්ට මහීගෙ අම්මගෙ, එහෙමත් නැත්නම් වර්ෂාගෙ කථාව කියන්න පටන්ගන්න සිද්ධ වෙනවා. හරිම ලස්සනට ගලන් යන හැඟීම්බර ආදර කථාවක් තමයි මේ චිත්රපටයේ මෙහෙම අන්තර්ගත වෙලා තියෙන්නේ
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
111
ReplyDelete111
ReplyDelete