[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මෙහි කතාව කියනවා නම්, චිත්‍රපටය පටන් ගනිද්දිම සිවගාමි තම ජීවිතය පරදුවට තබාගෙන ඇයව මරන්න ආපු කට්ටියවත් මරලා ළමයාව බේරා ගන්නවා, ඊට පස්සේ එතනින් බේරිලා ගඟක පා වෙලා ඇය මේ ළමයාව දිය උඩින් තබාගෙන ඇය හුස්ම හිරකරගෙන අමාරුවෙන් ඉන්නා අතරතුර අසල්වැසි ගමක කට්ටියක් මේක දැකලා ළමයාව ඇයගේ අතින් ගන්නකොට ඇය ඇඟිල්ල දිග් කරලා පෙන්නනවා කන්දක මුදුනක්, ඉතින් ඒ ළමයාව ඇය එතනට ගෙනියන්න කියලා තමයි කියන්නේ. එතකොට කට්ටියක් හොයා ගන්නවා රහස් උමඟක් කන්ද උඩට යන. කෙනෙක් කියනවා අපි මෙතනින් උඩට ගිහිල්ලා ළමයාව දීලා එමු කියලා, සිවගාමිට ගොඩ කාලයක ඉඳලා ළමයෙක් නැහැ. ඉතින් අය කියනවා මම මේ දරුවාව හදාගන්නවා, ඒ නිසා උඩට යන්න අවශ්‍ය නැහැ කියලා, අර උමඟ වහලා දාන්න කියනවා. ඉතින් මේ ළමයා ටිකින් ටික ලොකු මහත් වෙන කොට කියනවා මට අර උස කන්ද නැඟලා ඒකෙ එහා පැත්තේ මොනවාද තියෙන්නේ කියලා බලන්න ආසයි කියලා. ඉතින් අම්මා මේකට තදින්ම විරුද්ධයි, මොකද එහෙම කන්දෙන් එහාට ගියොත් තම ළමයාව නැති කරගන්න සිදු වේවි කියලා. ඒ ළමයාගේ නම තමයි සිවුදු. සිවුදු කියන කෙනා කොයි වෙලේත් අර කන්ද නඟින්නමයි බලන්නේ. නමුත් ඒ හැම උත්සාහයකදීම ඔහු අසාර්ථක වෙනවා. ඇත්තටම මොකක්ද ඒ කන්දෙන් එහා පැත්තේ තියෙන්නේ, සිවගාමි මොනවටද ඒ ළමයාව කන්ද උඩට ගෙනියන්න කිව්වේ? මේවාට උත්තර දැන ගන්නම ඕනේ නම්, චිත්‍රපටය බලන්නම වෙනවා.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇