🎥 Movie Name - PK (2014)
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
පිටසක්වල ජීවීයෙකු පෘථිවියට ගොඩ බසින දර්ශණයකින් තමයි චිත්රපටය ආරම්භ වන්නේ. ඔහු ගොඩබසින්නේ ඉන්දියාවේ රාජස්ථාන් ප්රදේශයට. ඔහු තමන්ගෙ ලෝකය සමගින් සන්නිවේදනය කිරීම සඳහා භාවිතා කරන උපකරණය මාලයක් ආකාරයෙන් ගෙල පැලඳගෙනයි ඉන්නේ. ඔහුගේ එම උපකරණය කිසියම් පුද්ගලයෙක් විසින් පැහැර ගනු ලබනවා. තමන්ගේ ලෝකය වෙත නැවත යාමට නම් ඔහු එම උපකරණය සොයා ගතයුතුම වනවා. ඔහුට මුණ ගැසෙන මිනිසුන් පවසන්නේ එම උපකරණය සොයා දීමට හැක්කේ දෙවියන්ටම පමණක් බවයි. දෙවියන් පිළිබඳවවත්, ආගම් පිළිබඳවවත් කිසිදු අවබෝදයක් නැති ඔහු උපකරණය සොයා දිය හැකි එම දෙවිවරයා සිටින්නෙ කොහැදැයි සොයමින් යනවා. නගරය පුරා දෙවියන් සොයා යන ගමනේ ඔහු මුහුණ දෙන සිදුවීම් මාලාවක අපූරු පෙළගැස්මක් ලෙසින් නිර්මාණය වී ඇති චිත්රපටය මගින් අන්ධ විශ්වාසයන් මත පදනම්ව එහිම ඇලී ගැලී දිවි ගෙවන මිනිසුන්වත්, ආගම් තුළට අන්තගාමී ආකල්ප ආරෝපණය කරන්නන් හා ආගම උකසට තබා මිනිසුන් මුලාවේ හෙළමින් බඩ වඩාගන්නන්වත් සියුම්ව උපහාසයට ලක් කරමින් සමාජයට ඉතාමත් හොඳ පණිවිඩයක් දීමට සමත් වී තිබෙනවා.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇