[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කලින් වතාවේ වෙච්ච සිද්ධිය මතකනේ විශේෂ නියෝජිත හෝබ්ස්ව අන්දලා කරපු වැඩේ. මේ වේගවත් කණ්ඩායම කලින් සැරේ මිලියන 100කට වගකියන්න සමත් උනා. කාටවත් ඔප්පු කරගන්න බැරිඋනා මිලියන 100ට උනේ මොකද්දකියලා. කොහොමහරි හෝබ්ස් නම් දැන ගත්තා මේ සෙට් එක එසේ මෙසේ එවුන් ටිකක් නම් නෙමෙයි කියලා. මේ සැරේ දකින්න වෙන්නේ වෙනදට වඩා වෙනස් දෙයක්. හොරා පොලිස් වෙන කතාවක්. තවත් මේ වගේ දරුණු වැඩකාරයෙක් කරලියට ඇවිල්ලා. එයා මේ සේරටම වඩා දරුණුයි වගේ. හෝබ්ස්ට හිතා ගන්න බැරුව ඉන්නේ මේ සැරේ එකට මොකද කරන්න යන්නේ කියලා. මේ සැරේ වේගවත් කණ්ඩායමට අලුත් රාජකාරියක් පැවරෙනවා.ඒක අකමැත්තෙන් හරි භාර ගන්න ටොරෙටෝ ප්රමුඛ කණ්ඩායමට සිද්ධ වෙන්නේ තවත් හේතුවක් නිසා. කලින් කොටසකදී මැකී ගිය චරිතයක් නැවත කරලියට එන්න නියමිතයි. ඒ වගේම මිලියන 100 ක සැප භුක්ති විඳින මේ කාර වලින් වැඩ දාන කණ්ඩායමට මේ සැරේ නම් ලේසි වෙන්නේ නැහැ. මොකද ප්රතිවිරුද්ධ පක්ෂය සමන්විත වෙලා තියෙන්නේ එසේ මෙසේ කණ්ඩායමකින් නම් නෙමෙයි. එහෙනම් ඔන්න ඔයාලට බාර කරනවා මාරාන්තික වේගයේ හය වැන්නේ වේගයේ රස විඳින්න මෙතැන් සිට.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
