[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කථාව ගැන මම පොඩි අදහසක් දෙන්නම්. මේ කියවෙන්නේ අපේ මනස ඇතුලේ ජීවත්වෙනවයි කියන හැගීම් උත්පාදකයෝ පස් දෙනකේ ගැන.ඒත් මම කියන්නම ඕන මම මේ කථාව උපසිරැසි ගන්වද්දී ගොඩාක් පැටලෙන ඉංග්‍රීසි නම් සිංහලෙන්ම යොදන්න තීරණය කළා. හරියට මේ පස්දෙනා වගේ. මෙයාලට මම දුන්න නම් තමයි පිලිවෙලින් ප්‍රමෝදි,දුක්ඛි,සන්ත්‍රාස,රුචිරාණි සහ කුපිත.ගොඩාක් නම් හැදුවේ අර්ථය පැහැදිලි වෙන විදිහට.මේ පස්දෙනා තමයි රයිලිගේ කියන 11 හැවිරිදි දැරියගේ හැගීම් අවස්ථානුකූලව හසුරවන්නේ. ඒත් දුක්ඛී හිතන්නේ අනික් අය අතරේ එයාට තැනක් නෑ කියලා. මොකද ප්‍රමෝදි හැම තිස්සෙම අනික් අයත් එක්ක රයිලිව සතුටින් තියන්න මහන්සි වෙනවා. ඒක හොද දෙයක් නමුත් දුක්ඛී මේ ගැන කළකිරෙනවා.
කොහොමහරි රයිලිගෙ පාසලේ පලවෙනි දවසෙදි දුක්ඛී කරන වැඩක් නිසා දුක්ඛීයි ප්රමෝදියි දෙන්නම අහඹුලෙස මූලස්ථානයෙන් පිටවෙලා යනවා. දුක්ඛි ගැන තව දෙයක් කියන්න ඕන. එයා වාතයක් වගේ මුලින් ඔයාලට හිතෙයි. ඒත් එයා අනික් අයට වඩා බුද්ධිමත්. ඔන්න එහෙදි ගොඩාක් අය එයාලට හම්බ වෙනවා. ඒ අතර මගේ ප්රියතමයා බින්ග් බොං. එයා රයිලිගෙ හිතින් මවාගත් යාළුවා. රයිලි දැන් ලොකු ලමයෙන් නිසා මේ දෙන්න අතර කලින් තිබුණු මිතුරු කම අඩුවෙලා. ඒකට එයා දුකින් ඉන්නේ.ඒත් අන්තිමේදි බින්ග් බොං තමාගේ ජීවිතේ පරදුවට තියලා කෙනෙක්ව බේරගන්නවා.බින්ග් බොංග්ට උණ දේ දකිද්දි ඕනම කෙනෙක්ගේ ඇහැට කදුළු බින්දුවක් එන්න පුළුවන්. ආපහු මූලස්ථානය වෙත යනකං රසවත් සිදුවීම් ගොඩක් එක්ක කථාව ඉදිරයට ගලාගෙන යනවා.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
