[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව මෙහෙමයි. මේ මුළු කතාවටම පාදක වෙන ලෝක ඉතිහාසගත සිදුවීමක් තියෙනවා ඒ තමයි මුලින් සඳමතට මිනිසෙක් පයතැබිම. ඒ සිදුවීම අලලා තමයි මේ චිත්‍රපටය දිව යන්නේ. මේ කතාවේ හැටියට මිනිසා හඳට යන්නේ වෙනම අරමුණකට. ඒ තමයි සයිබර්ට්‍රෝන් ලෝකයෙන් නික්මුණ යානාවක් සොයාගැනීමට. ඒ යානාව සයිබර්ට්‍රෝන් යුද්ධයේදී ඩිසේප්ටිකොන් රොබෝවරු විසින් කරන පහර දීමක් නිසා අපේ හඳට කඩා වැටෙනවා. ඒ යානාව ඔටෝබෝට් යානාවක්. එම යානාව තුල විශේෂ යමක් විශේෂ පුද්ගලයෙක් විසින් රැගෙන යද්දී තමයි මේ ප්‍රහාරයකට ලක් වෙලා මෙසේ කඩා වැටෙන්නේ. ඒ සඳහා නීල් ආම්ස්ට්‍රෝන්ග් ඇතුළු පිරිස සඳ බලා පිටත් වෙනවා. එතනින් ඒ සිදුවීම අවසන්. පසු කාලීනව පෘතුවිය තුල වෙසෙන ඔප්ටිමස් ප්‍රයිම් ඇතුළු ඔටෝබෝට් පිරිස අපේ ලෝකය පුරා විසිරිලා ඉන්න මිනිසුන්ට තර්ජනයක් වෙන ඩිසේප්ටිකොන් රොබෝවන් දඩයමක යෙදිලා ඉන්නේ. එහෙම කරන එක මෙහෙයුමකදී ඔප්ටිමස් ප්රයිම්ටත් රහසක්ව තබාගත් ඒ සඳ මතට ගිය මෙහෙයුමේ අවශේෂ වූ යම් කොටසක් සොයා ගන්නවා. පසුව ඔප්ටිමස් තීරණය කරනවා සඳ වෙතට ගොස් එහි සිටින ඔප්ටිමස්ගේ නායකයෙක් වන සෙන්ටිනල් ප්‍රයිම් නැවත අපේ ලෝකයට ගෙනවිත් ඔහුට ජීවය ලබාදෙන්න. මේ සෙන්ටිනල් ඇත්තටම ඒ යුද්ධය අවස්ථාවේදී යානය සමඟ පිටත් වෙන්නේ අපේ ලෝකය කරා එන්න. ඒ වෙනත් අරමුණක් සිතේ තබාගෙන. මේ බව ඔප්ටිමස් දන්නේ නැහැ. එහෙනම් ඔන්න බාරයි සෙන්ටිනල් සහ ඔප්ටිමස් දෙදෙනා මෙවර අපේ ලෝකයට කරන්න යන්නේ මොකද්ද කියලා බලන්න. ඒ වගේම කලින් සතුරෙක් උන මෙගාට්‍රෝන් තවමත් ජිවතුන් අතර මතකනේ කලින් වතාවේ ඊජිප්තුවේදී ස්ටාර්ස්ක්‍රීම් සමග පසු බැස්සා. මේ වතාවේ මෙයා බොරදියේ මාළු බාන්න සූදානම.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇