[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
රාජ් සහ සිම්රන් ලන්ඩන් වල ජීවත්වෙන වෙන වෙන පවුල් දෙකක කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. සිම්රන්ගෙ තාත්තා බල්දේව් සින් තද ගති තියෙන කෙනෙක්.වචනයක් කිව්වොත් කිව්වාම තමයි.ඉන්දියාවේ ජීවත්වෙන එයාගෙ හොඳම යාලුවා, අජිත්ගේ පුතාට සිම්රන්ව කසාද බන්දන්න පොඩි කාලෙදිම තීන්දු කරලයි තියෙන්නේ. සිම්රන් මේකට කැමති නෑ. එයා අජිත්ගෙ පුතා කුල්ජීත්ව කවදාවත් දැකල නෑ. ඇරත් එයාගේ හීන වල ඉන්නෙ වෙන කෙනෙක්. එයාවත් තාම දැකල නැති නොහඳුනන කෙනෙක්. මේ අතරෙදි කසාදෙට කලින් සිම්රන් යුරෝපෙට ට්‍රිප් එකක් යනවා. ඒ ගමනෙදි මෙයාට රාජ් මුණගැසෙනවා. මුලින් මුලින් දෙන්නා රණ්ඩු උනත් පස්සෙ ගොඩක් සමීප වෙනවා. ට්‍රිප් එක ඉවර වෙනකොට රාජ් සිම්රන් ගැන ආදරයක් ඇති වෙලා. ඒත් කියන්නේ නෑ. දෙන්නා වෙන්වෙලා යන මොහොතේ තමයි සිම්රන්ට දැනෙන්නෙ එයත් රාජ්ට ආදරය කරනවා කියලා. එයාගෙ හීන වල හිටපු කෙනා රාජ් කියල එයා තේරුම් ගන්නවා. ඒත් ඒ වෙනකොටත් රාජ් ගිල්ලා. ඊට පස්සෙ එයා හිත හදාගෙන ඉන්දියාවට යනවා, එයාගෙ කසාදෙට. කසාදෙ වැඩ කටයුතු ජයටම කෙරෙනකොට ලන්ඩන් ඉඳන් රාජ් සිම්රන් හොයාගෙන එහාට එනවා. ඊට පස්සෙ තමයි දෙන්නගෙ ලව් එක පටන් ගන්නේ. හැබැයි කවුරුවත් දන්නෑ. සිම්රන්ගෙ තාත්තගෙ හිත දිනාගෙන එයාව මනමාලි කරන් අරගෙන යන්න රාජ් කරන අහින්සක අරගලය තමයි ෆිලුමේ තියෙන්නේ. බල්දේව්ගෙ ගල් හිත මොලොක් වෙයිද ? ආ.. ඒ අස්සේ අජිත්ගෙ දුව ප්‍රීතිව රාජ්ට ජෝඩු කරන්නත් ලෑස්තිවෙනවා. රාජ්ට අක්කා නැතුව නංගි ගන්න වෙයිද? ඒ අතර තව රස බර කතා ගොඩායි. බලලා නැත්නම් අරන් බලන්න. චිත්‍රපට බලන කෙනෙක් නම් බලලා තිබිය යුතුම ෆිල්ම් එකක්. පැය 03 වි.10 ෆිල්ම් එක දිග උනත් ඔයාලට ඒ වෙලාව ගතවෙනවා දැනෙන එකකුත් නෑ. ෆිලුම ඒ තරම් පට්ට.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
