[ සිංහල ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
එක්තරා නගරයක එදිනෙදා කටයුතු නිසා දරුවන්ට තම වැඩකරගන්නට අතහැර දමා දෛනික කටයුතු වලින් හෙම්බත්ව දවස ගෙවන දෙමව්පියන් පිරිසක් වටාය. නිසි පරිපාලනයක් නොමැතිව අයාලේ යන තත්වයට පත්ව ඇති පාසලේ ළමුන්ට පාසලෙන් මග පෙන්වීම හා අධ්‍යාපනය නිසි පරිදි ලැබෙන්නේ නැත. ගුරුවරු ඔවුන්ගේ ලෝක වල, අගනගරයෙන් ගමට එන අයිස්, කොකේන් වැනි මත්ද්‍රව්‍ය වලට පාසල් දරුවන් ඇබ්බැහි වනු ඇත. හරි හැටි අවබෝධයකින් තොරව ඇති කර ගන්නා ප්‍රේම සම්බන්ධතා හේතුවෙන් ඇතැම් ගැහැනු දර්වන් ගැබ්ගන්නවා. සමහර දරුවන් ගබ්සාවන්ට ලක් කිරීමට ගොස් විවිධ අපහසුතාවයන්ට ලක් වනවා. දෙමව්පියන් පුදුමාකාර ලෙස දුක් විදිනවා. ගමේ නූගත් කල්ලියක් එකතු වී ආර්ථික වාසි ලබාගැනීමේ අරමුණින් මේ සියල්ල මෙහෙයවනවා. මෙයට පාසැලේ ඇතැම් ගුරුවරුන්ද උදව් කරන්නට යොමු වනවා.
මේ අතර දී පාසැලට නව විදුහල්පතිනියක් පත්ව පැමිනෙනු ඇත. ඇය අන් සියල්ලන්ට වඩා වෙනස් තරුණියක්. ගමේ තරුණයෙකුගෙන් පාසැල ,ගම ගැන නිවැරදි අවබෝධය ලබාගන්නා ඇ වෙනස් කිරීමට හා දියුණු කිරීමට ,නොයෙක් තාඩන පීඩන හා බලපෑම් ආවද ඒ කිසිවකින් නොසැලෙන ඇය තම අරමුණ කරා ගමන් කරනවා. දෙමව්පියන් මුලදී ඇයට අකමැති වුවද පසුව ඇයව තේරුම්ගෙන ඇයට සහයෝගය ලබා දීමට පෙළබෙනවා. නමුත් අයිස් මත්ද්‍රව්‍යය පැතිරීමේ තත්වයට එරෙහිව නැගී සිටි ඇය ගමේ මාෆියා කල්ලියේ ප්‍රධාන ඉලක්කය බවට පත්වනු ඇත. ඇයව පාසැලෙන් පන්නා දැමීමට ඇතැම් ගුරුවරුන්ද විවිධ උපක්‍රම යොදනු ඇත. පෙර හදුන්වාදුන් තරුණයා පාසලෙන් පිටදී ඇයට නොදැනෙන ලෙස ඇයගේ ආරක්ෂාව සදහා සිටිනවා.
මුලදී මුරණ්ඩු ගති නිසා මේ විදුහල්පතිනිය කියන කිසිවක් නොඅසන දරුවන් පසුව ඇයව තේරුම් ගන්නවා. පාසැල දියුණු කිරීමට උත්සාහය ගන්නා ඇය තරුණයාගේ සහය ඇතුව ගමත් දියුනු කිරීමට පටන් ගන්නවා. මාෆියා කල්ලිය නීතියේ රැහැනට හසු කර දෙන ඇය හොර ගබ්සා මධ්‍යස්ථානය ගමෙන් ඉවත් කිරීමටද, දරුවන් අතර අනවශ්‍යය ප්‍රේම සම්බන්ධතා ඇති නොවන ලෙසට දෙමව්පියන්ගේ අවධානය දරුවන් කෙරෙහි යොමු කිරීමට ඇය සමත් වනු ඇත. ගමේ සහයෝගයෙන් ඇය පාසල අධ්‍යාපනය, ක්‍රිඩා හා විනය අතින් පළාතේ හොදම පාසල බවට පත් වනු ඇත.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇