🎥 Movie Name - Zathura A Space Adventure (2005)
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මේ සෙල්ලමේ බෝඩ් එකක් තියෙනවා, කරකවන්න යතුරක් තියෙනවා, තව බොත්තමක් තියෙනවා ඔබන්න. දෙන්නටයි සෙල්ලම කරන්න පුළුවන්, දෙන්නට බෝඩ් එකේ ඉබේම වැඩ කරන යානා දෙකක් තියෙනවා. මේකේ යතුර කරකවලා, බොත්තම එබුවට පස්සේ කාඩ් එකක් එනවා. හැබැයි වැඩේ කියන්නේ මේක අපි සාමාන්‍යයෙන් කරන සෙල්ලම් වගේ නෙවේ, මේ එන කාඩ් එකේ තියෙන දේ ඔයාලට ඇත්තටම ඇත්ත ලෝකෙදි සිද්ධ වෙනවා. නියමයි නේද? මෙහෙම දෙයක් දන්නැති ඩැනී මේ බොත්තම ඔබනවා. ඉතින් නොදැනුවත්වම මේ අයියයි මල්ලියි දෙන්නා අමුතුම, සුන්දර ඒවගේම භයානක ගමනකට එකතු වෙනවා.
මේ සෙල්ලම කරද්දී ගොඩක් වෙලාවට මේ අයියා මලෝ දෙන්නට හොඳ දේට වඩා වෙන්නේ නරක දේවල්. ඇත්තම කියනවානන් ගොඩක් දරුණු දේවල් තමා වෙන්නේ. උඩින්ම තියෙනවනේ සෙල්ලම පටන් ගත්තොත් ඉවර කරනකන් නැවත හැරීමක් නෑ කියලා. ඉතින් මෙයාලා අකමැත්තෙන් උනත් සෙල්ලම දිගටම කරනවා. සෙල්ලම අතරමගදී මෙයාලට අභ්‍යවකාශයේ ඉඳලා අමුත්තෙකුත් හම්බවෙනවා. මේ අමුත්තා මෙයාලට ගොඩක් උදව් කරනවා, ඒ වගේමයි මෙයාලට සෝර්ගන්ස්ලවත් හම්බවෙනවා. කියන්න අමතක උනා මෙයාලගේ අක්කා තමා ලීසා, ලීසත් මේ ගමනට වක්‍රව සහභාගී වෙනවා. ඉතින් මේ අක්කා ගමනට එකතු වෙන්නේ කොහොමද? අභ්‍යවකාශයේ ඉඳලා හම්බෙන අමුත්තගේ අමුතු කතාව මොකක්ද? සෝර්ගන්ස්ලා කියන්නේ කවුද? හැමතිස්සෙම මරා ගන්න අයියයි මල්ලියි එකතුවෙලා මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද? මේ ඔක්කොම දැන ගන්න කතාව නරඹන්නම වෙනවා.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇