🎥 Movie Name - Chicken Run (2000)
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මේකේ කතාව යන්නේ ට්විඩී නැමැත්තාගේ කුකුල් ගොවිපල තුල ඉන්න කිකිළියන් වටායි.මෙහි ප්රධානම වශයෙන් කෙරෙන්නේ බිත්තර ලබා ගැනීමයි.නමුත් කිකිළියන් බිත්තර දැමීම නැවතූ කල්හි එම කිකිළියගේ හිස ගසා මරා දැමීම සිදුවේ.ඉතින් මෙහි ඉන්න ජින්ජර් නමැති කිකිළිය හැම මොහොතකම උත්සහ කරන්න මෙයින් පැන යන්නයි.නමුත් තනියම නෙමෙයි සියලුම දෙනා සමග.කොතරම් උත්සහ කලත් හැම වතාවකම හසුවෙනවා.ඔය අතර අහම්බෙන් මේකට කුකුලෙක් එනවා. ජින්ජර් දකින්නේ මේ කුකුලා පියාබගෙන එනවයි. ඉතින් ඇය කියනවා ඔවුන්ට පියාබන්න උගන්වන්න කියල මෙයින් පලා යන්න.ඔහුත් එය කලින් අකමැති උනත් බාර ගන්නවා. නමුත් ඇත්තම කරුණ නම් මොහුටවත් පියාබන්න බැරි වීමයි.
ඔය අතර ගොවිපලේ අදායම වැඩි කරන්න කියා ස්වයංකිය යන්ත්රයක් ගෙනත් සවි කරනවා.මෙයින් කෙරෙන්නේ කුකුලෙක් දැම්මහම අනිත් පැත්තෙන් විවිද වර්ගයේ කෑම වර්ග සෑදී පිටතට පැමිණීමයි. මේ කුකුල් ගොවිපලේ ඉන්න කිකිලියන්ගේ ඉරණම කෙසේ විසදෙයිද ?ඔවුන්ට පලා යන්න හැකිවෙයිද? බිත්තර දෙනවනම් ඕනිම දෙයක් කරන මියන් දෙන්න මොවුන්ට උදව් කරයිද ?
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇