🎥 Movie Name - Monster Trucks (2016)
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ටෙරවැක්ස් සමාගම උතුරු ඩකෝටා වලදි තෙල් නිධියක් පොලොව යටින් හොයාගන්නවා. ඒක හාරමින් ඉන්න අතරේ ලොකු පිපිරුමක් වෙනවා. එයින් එලියට එනවා අමුතු ජාතියේ සත්තු වගයක්. දෙන්නෙක්ව සමාගම විසින් හිරකරගන්නවා. එක්කෙනෙක් පැනලා යනවා. මේ සිද්දිය මාධ්‍ය වලින් වසන් කරලා තියාගන්න සමාගම කටයුතු කරනවා. මොකද අලුත් සත්ව විශේෂයක් හොයාගත්තා කියලා දැනගත්තොත් එහෙම රජයෙන් ඒ පලාතම වහලා දාන නිසා. එවගේම ඔවුන්ටත් ප්‍රකෝටි ගානක මුදල් නැතිකරගන්න වෙන නිසා.
ඉතින් මේ අතරේ ට්‍රිප් කියන තරුණයට එයා වැඩ කරන තැනින් ට්‍රක් එකක් ලැබෙනවා. තියාගන්න කියලා. ඉතින් ඔහු ඒ ට්‍රක් එක හදන්න ගෙනියනවා. දන්නවද මොකද්ද වෙන්නේ කියලා? ඒක ඇතුලේ අර සතෙක් ඉන්නවා. මෙයා මුලින් බයවෙනවා. හැබැයි පස්සේ තේරෙනවා මේ සතා හරිම අහිංසක කෙනෙක් කියලා. ඉතින් ට්‍රිප් මෙරඩිත් එක්ක මෙයා ගැන විස්තර හොයනවා. මෙයාට නමකුත් දානවා. ක්රීච් කියලා. විස්තර හොයද්දි දැනගන්නේ තව දෙන්නෙක් ටෙරවැක්ස් සමාගම හිරකරගෙන ඉන්නවා කියලා. ඉතින් මේ දෙන්නා අනිත් අයවත් බේරගන්න යනවා. නමුත් හිතුව විදියට නම් දේවල් සිද්දවුනේ නෑ.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇