🎥 Movie Name - Golmaal (2017)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
Explaining The Movie
ගෝපාල්, මාධව්, ලකී, සහ ලක්ෂ්මන් දෙදෙනා යන පස් දෙනා කුඩා කාලයේ පටන්ම ජීවත් වුනේ ජම්නාදාස් යන පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලැබූ ජම්නාදාස් අනාථ ආශ්රමයේ. ළමයි කොහොමත් දඟකාරයි. හැබැයි, මේ ළමයි පස් දෙනා නම් අනිත් හැම ළමයෙක්ටම වඩා දඟකාර වුණා. කොයි වෙලාවෙත් මොකක්හරි මගෝඩි වැඩක්ම තමයි කලේ. මේ පස්දෙනා අතුරින් ගෝපාල් සහ එක ලක්ෂ්මන් කෙනෙක් එක කණ්ඩායමක් ලෙසටද, මාධව්, ලකී සහ අනිත් ලක්ෂ්මන් තවත් කණ්ඩායමක් ලෙසටද කල්ලි ගැසී සිටියා. මේ පස් දෙනා අතරේ සිදුවෙන්නා වූ තවත් මගෝඩි වැඩක ප්රතිපලයක් ලෙසට මේ කල්ලි දෙක අතරේ රණ්ඩුවක් ඇතිවෙනවා. මෙම රණ්ඩුවේ ප්රථිපලයක් ලෙසට අධික ලෙස කෝපයට පත් වෙන්නා වූ ජම්නාදාස්, මෙම ළමයින් පස් දෙනාව අනාථ ආශ්රමයෙන් නෙරපා හරිනවා. ආශ්රමයෙන් පලවා හරින ලද මොවුන් පස් දෙනා කණ්ඩායම් දෙකකට වෙන්ව, වෙන් වෙන් වශයෙන් ජීවත්වෙනවා. ගෝපාල් සහ එක ලක්ෂමන් කෙනෙක් බබ්ලි බායි යටතේ වැඩ කරමින්ද, මාධව්, ලකී සහ අනෙක් ලක්ෂ්මන් යන තිදෙනා වසූලි බායි යටතේද වශයෙන් වැඩ කරමින් ජීවිතය ගැට ගසාගෙන ජීවත් වුණා.
කාලය ගෙවිලා ගියා. මේ අතරේ, ජම්නාදාස් අනාථ ආශ්රමය පවත්වාගෙන ගිය ජම්නාදාස් අභාවප්රාප්ත වෙනවා. තමන් කුඩා කාලයේ පටන් හදාවඩා ගත් පුද්ගලයාට අවසාන වශයෙන් ගෞරව දැක්වීම සඳහා මෙම පස්දෙනත් පැමිණෙනවා. මේ තමයි අනාථ ආශ්රමයෙන් නෙරපා හැරීමෙන් පසුව මොවුන් පස් දෙනා එකට හමුවන පළමුවෙනි වතාව. කතාවක් තියෙනවා, උණ පුරුකේ දැම්මත් බලු වලිගෙ ඇදේ අරින්න බැහැයි කියලා. මේ පස් දෙනාත් ඒ වගේ තමයි. කොච්චර වයසින් වැඩුනා වුනත්, පොඩි කාලේ තිබ්බ මගෝඩි ගතිගුණ නම් තවමත් අංශුවක් වත් වෙනස්වෙලා නැහැ. මරණයකට සහභාගී වෙන්න කියලා හිතාගෙන ආවත්, පස් දෙනාගෙන් කිසි කෙනෙක්ගේ හිතේ ඒ ගැන වගේ වගක්වත් තියෙනවා කියලා පේන්න නැහැ. පස් දෙනා මූණට මූණ හමුවෙනවා. මෙච්චර කාලයක් තිස්සේ බොහොම සංසුන් විදියට තිබිච්ච අනාථ ආශ්රමය නැවතත් අවුල් ජාලාවක් බවට පත්වෙනවා. මේ අතරේ ගොපාල්ට කෙල්ලෙක් ගැන හිතක් පහල වෙනවා. ඒකෙන් වෙන්නේ, ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වගේ වැඩක්. එක පිට එක, නිමාවක් නැති ජරමර කෝටියක්! ඔහොම ඉන්න… ඒත්, මොකක්ද මේ වියරු පළිගැනීම? ඒ ගැන දැනගන්න නම් චිත්රපටය බලන්නම වෙනවා!
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Streaming
👇
Social Media
👇