🎥 Movie Name - Dennis The Menace (1993)
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
Explaining The Movie
“දඟයා” එතකොට “විල්සන් මාමා” කිව්වම අපි කවුරුත් හොඳට දන්නවනෙ. පසුගිය කාලෙ සිරස රූපවාහිණිය ඔස්සෙ විකාශය වුනු “දඟයා” කාර්ටූන් මාලාව නරඹලා තියෙන අය ඒ කවුද කියලා හොදට දන්නවා. ඉතිං මං මගේ විසි අටවැනි උපසිරැසි නිර්මාණය විදිහට අරගෙන ආවෙ ඔන්න ඔය “දඟයා” ගැන නිර්මාණය කරපු 1993 වසරේ ප්රදර්ශණය වුනු Comedy, Family වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්රපටියට IMDB වල රේටින්ග්ස් 5.5 ක් ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා. මිනිත්තු 94 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කරලා තියෙන්නෙ Nick Castle නම් අධ්යක්ෂවරයා විසිනුයි.
මෙම චිත්රපටියෙ ලෙස “දඟයා” (ඩෙනිස්) ලෙස Mason Gamble නම් නළුවත් විල්සන් මාමා ලෙස Walter Matthau නම් නළුවත් රඟපානවා. කථාව නම් ඉතිං අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑනෙ. “දඟයා”ගෙ දඟකාර වැඩයි ඒවාවලින් කරදරේ වැටෙන විල්සන් මාමා ගැනයි තමයි මේ කථාවෙත් තියෙන්නෙ. ටිකක් පරණ චිත්රපටියක් වුණත් මේක පොඩිහිටියන්ටයි වැඩිහිටියන්ටයි භේදයකින් තොරව ආසාවෙන් බලන්න පුළුවන්. ඉතිං එහෙනම් චිත්රපටිය රස විදින්න. ඊට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Streaming
👇
Social Media
👇