[ සිංහල හඩකවා ඇත ]
Explaining The Movie
රාඝවා කවුද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. හොල්මන් වලට පට්ටම බය පොරක්. මුත්‍රා කරන්න යන්නෙත් අම්මත් එක්ක. හැබැයි මිනිහට හොල්මන් කීවොත් මාරම ඉන්ටරෙස්ට් එකක් තියෙන්නේ. ග්‍රීන් ටීවී කියලා මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙක් ලෙස ඔහු සේවය කරන්නේ. ඔය අතරේ හොල්මන් පිළිබඳ වැඩ සටහනක් පටිගත කරන්න මොහුට සිද්ධ වෙනවා. මේ වැඩ සටහන අධ්‍යක්ෂණය කරන්නේ ඔහුගේ පෙම්වතිය නන්දනී. ඒ වැඩසටහනට ලොකේෂන් හොයද්දී තමයි වෙරළක් අසළ තියෙන පරණ බංගලාවක් හමු වෙන්නේ. ඒ බංගලාව බොහොම භයානක දේවල් සිදුවුණ ස්ථානයක්. කතාව බලද්දී ඔයාලට තේරෙයි. බංගලාව අසළ වෙරළ තීරයට යන මොවුන්ට බලාපොරොත්තු නොවුණ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඔය වෙරළේ වැලි යට තිබිලා තමයි නන්දනී පරණ මාලයක් එළියට ඇදලා ගන්නේ. ඊට පස්සේ තමයි ආතල් එක පටන් ගන්නේ හොඳඳ ! ඒවා ඉතින් මෙතන කියන්නේ නෑ.
ඔය මාලේ ඇත්තටම අයිති ශිවා කියලා තරුණයෙකුට. එයාගේ පෙම්වතිය ගංගා සහ ඔවුන්ගේ මිතුරන් කීප දෙනෙක්ම බොහොම අසාධාරණ ලෙස ඝාතනයට පත්වෙනවා. ඒ අයගේ සිරුරු මිහිදන් කරලා තිබෙන්නේ ඔය වෙරළේ තමයි. ඉතින් මාලේ ගත්තාම ඒ ආත්ම ටික අවදි වුණා. තමන්ට සිදුවුණ අසාධාරණයට ඒ ගොල්ලෝ සාධාරණයක් ඉටු කරගන්න තමයි උත්සාහා කරන්නේ. මේකට මාට්ටු වුනේ රාඝවා-නන්දනී යන ජෝඩුව තමයි. ඔවුන් ලවා යම් ආකාරයක පළි ගැනීමක් කරන්නයි උත්සාහය.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Streaming
👇
Social Media
👇