[ සිංහල හඩකවා ඇත ]
Explaining The Movie
මේකෙදි මේ සූර්යා විසින් පිච්චිලා අළු වෙලා ගියපු ලෝකයෙ විවිධ උවදුරු මැද්දෙන් බේරිලා යන චාරිකාවක් ගැන තමයි කතාව ගෙතෙන්නෙ. මුළින්ම මම කියන්නම්කො මෙයාලව බේරගත්ත හමුදාව ඇත්තටම මෙයාලව බේරගත්ත නම් නෙවෙයි. මෙයාලව තවත් පර්යේෂණ කරන්න අරං යනව. ඒ ස්ථානයේදී කසිම වෙනසක් කට්ටිය නොපෙන්නුවත් තෝමස්ට තේරුම් යනව මෙතන මෙයාල නොදන්න දෙයක් වෙනව කියල. ඉතිං තෝමස් තමන්ගෙ යාළුවො එක්ක මෙතනින් පැනගන්නව. යාළුවො කිව්වම වංකගිරියෙන් හමුවුණ අය විතරක් නම් නෙවෙයි. අනිත් යාළුවො කොහෙන්ද ආවෙ? ඉතිං මෙතනින් පැනගෙන යන්නෙත් අර උවදුරු පිරුණ ලෝකයට. එහෙට කියන්නෙ ස්කෝර්ච් කියල. ස්කෝර්ච් තියන උවදුරු මොනවද? ඒවගෙන් බේරෙන්නේ කොහොමද? ඇත්තටම මේ ෆ්ලෙයාර් වයිරසය කියන්නෙ මොකක්ද? ඒකෙන් මිනිස්සුන්ට වෙන්නෙ මොකක්ද? අතර මඟදී මෙයාලට මුණ ගැහෙන අය කවුද? ඒවගේම තෝමස් ඇතුළු කට්ටිය නිකංම එළියට එන්නෙ නෑනෙ. යන්න දිහාවක් තියෙන්නත් ඕනනේ. ඒ කොහෙටද? එහෙ ඉන්නෙ කවුද? එයාල ළඟට යන්න පුළුවන් වෙයිද? හැබැයි මෙතනිනුත් මේ කතාව නම් ඉවර වෙන්නෙ නෑ. තවත් චිත්රපටියකට කතාව ඉතුරු කරල තමයි ඉවර වෙන්නෙ. මුල ඉඳන් අග වෙනකං කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක්.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Streaming
👇
Social Media
👇