[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
1971 වර්ෂයේ ජනවාරි මස 23 වන දින පස්වරු 1:07යි…
සෝල් බලා පිටත් වෙන හොටෙල්-ලිමා 5212 ගුවන් යානය හැමදාම වගේ සාමාන්‍ය විදියට ගුවන් ගමන ආරම්භ කරනවා. ඒත් නොහිතපු විදියට ගුවන් යානයේ ආධිපත්‍යය සුළු වෙලාවකින් තම අතට අරගන්න එක තරුණයෙක් සමත් වෙනවා. ඒ එයා ළග තිබුණු බෝම්බ පාවිච්චි කරලා. දැන් ගුවන් යානය තියෙන්නේ හයිජැකින් තත්වයක. ගුවන් නියමුවෝ දෙන්නට හයිජැකර් බල කරන්නේ, ප්ලේන් එක උතුරට ගෙනියන්න කියලා. ගුවන් නියමුවන්ට වෙන විකල්පයක් නැති නිසා උතුරට හරවනවා. උතුරේ දේශසීමා පැන්නොත් ආයේ එන්න පුළුවන් වෙයිද කියන බයෙනුයි මගියෝ 58 දෙනාම මේ වෙලාවේ ඉන්නේ. බෝම්බය පිපුරුණු වෙලාවේ ඇස්වලට තුවාල වුන නිසා ප්‍රධාන නියමුවාගේ ඇස් දෙකම පේන්නැති වෙලා ගිහින් දැන්. සම්පූර්ණ වගකීම තමන්ගේ අතට අරගෙන යානය අරගෙන යන්නේ සහය නියමුවා.. ටේ ඉන්. ඉතින් ටේ ඉන්ට යානය උතුරට ගෙනියන එක වළක්වන්න පුළුවන් වෙයිද? යානය හයිජැකින් තත්වයෙන් ගලවගන්න පුළුවන් වෙයිද? මේවට උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ ෆිලුම බලන්න.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
