[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
නත්තල අද වගේ වෙළදාමක් වෙලා නොතිබුනු කාලයක බෙත්ලෙහෙම් නුවර අවුරුදු දෙදාහකට එහා කාලයකදී ජුදා ජනතාව රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක් ලෙස පැවතුනා. ඔවුන් හැමෝගේම බලාපොරොත්තුව වුනේ අලුත් රජෙක් යටතේ නිදහස්ව දිවි ගෙවීමටයි. ඔවුන්ගේ දිවැසිවරයෙක් පැවසූ අනාගත වාක්‍ය නිසා ඔවුන් රජෙක් බලාපොරොත්තුව සිටි අතර රෝම අධිරාජ්‍යයේ යටත් වැසියන් ලෙස දිවි ගෙවූ ඔවුන්ට රජෙකුගේ අවශ්‍යතාව තදින්ම දැනුනා. මේ අතර තමා සාමයේ කුමාරයා ලෙස ජේසු තුමා උපත ලබන්නේ. ඒත් කණගාටුවට කරුණ නම් ඔවුන් බලාපොරොත්තු වුනේ රජ පෙළපතක උපත ලබන සටනට බර රජෙක් මිස දිළිදු පවුලකට දාව ගවමඩුවක් තරම් පහත් තැනක උපත ලබන සාමයේ පණිවුඩය රැගත් මනුෂ්‍යයෙක් නෙවෙයි. එම සාමයේ කුමාරයාගේ උපත තමා මම චිත්‍රපටයෙන් කියවෙන්නෙ. චිත්‍රපටයක් ලෙස හැමෝටම රසවිඳින්න හැකියාව තියෙනවා. ඒකට කතෝලික, ක්‍රිස්තියානි වෙන්නම අවශ්‍ය නෑ.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇