[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව ගැන කිව්වොත් එහෙම සෑම් හා නේතන් ඩ්රේක් කියන්නේ සහෝදරයන්.. මේ දෙන්නාගේ දෙමව්පියන් නැහැ. සැම් හා නේතන් පෞරානික දේවල් හොයන්න කැමැත්තක් දක්වනවා. නේතන්ට අවුරුදු දහයේදි සෑම් නේතන්ව අනාථ නිවාසයක තනි කරලා දාලා යනවා. ඒ යන්නේ පොරොන්දුවක් එක්ක. ඒ කවදාම හරි සෑම් නේතන්ව හොයාගෙන එනවා කියලා.. මෙහෙම අවුරුදු පහළවක් ගත වෙලා යනවා. සෑම් ගැන කිසිම ආරංචියක් නැතිව කාලේ ගත වෙනවා.. මෙන්න මේ අවස්ථාවේදි තමයි නේතන්ට සලී කියන කෙනාව හමුවෙන්නේ. ඔහු පොඩි යෝජනාවක් කරනවා සෑම් ගැන ඔහු දන්නවා වගේම සෑම් හා සලී විසින් හොයපු ඩොලර් බිලියන 5ක් විතර වටින රත්තරං නිධානයක් ගැන හොයන්න යන්න.. නේතන් මුලින් අකමැති උනත් සෑම්ව හමුවෙන්න පුලුවන් බලාපොරොත්තුවෙන් සලී එක්ක මේ නිධානය ගවේෂණය කරන්න පටන් ගන්නවා.. මෙතැනින් එහාට සිදුවෙන හැමදේම බලන්න ඔයාලාට අයිතියි.. පවුලේ හැමෝටම එකට වාඩි වෙලා හොදට රසවිදින්න පුලුවන් චිත්රපටියක් කියලා කියන්න ඕනි..
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇