[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
‘ගුරුකුල්’ කියන්නෙ ඉන්දියාවෙ ප්‍රධානම පෙලේ පිරිමි උසස් පාසලක්. බොහොම ගෞරවනීය, විනයානුකූල, දැඩි නීති රීති යටතේ පැවැත්වෙන පාසළක්. නීති කොතරම් දැඩිද කියනවා නම්, එක් නීතියක් හෝ පැහැර හරින සිසුන්ව නෙරපා හරින අතර, රටේ කිසිම අධ්‍යාපන ආයතනයකින් ඔවුන්ව පිළිගන්නෑ. මෙහි විදුහල්පති තුමා ද ඉතාමත් දැඩි පුද්ගලයෙක්, ඔහු නමින් ‘ නාරායන් ශංකර් ‘. මේ කතාව ඇදී යන්නේ නව පාසල් වාරයේ පාසළට ඇතුල් වන සිසුන් තිදෙනෙක් වටා. ‘වික්‍රම්'(විකී),’කරණ්’ සහ ‘සමීර්’. ගුරුකුලය තුල ආදරය කිරීම තහනම් වන මුත් ඔවුන් තිදෙනාටම ආදරයක් ඇති වෙනවා. විකී ආදරේ කරන්නේ අල්ලපු බාලිකා පාසලේ තරුණියකට. සමීර් ආදරේ කරන්නේ පුංචි කාලෙ මිතුරියක්වෙලා හිටපු තරුණියකට. කරණ් ආදරය කරන්නේ, විවාහ වී ඇති මුත් සැමියා මියගිය තරුණියකටයි. ආදරය කිරීම නිසා වරද කරු වී ගුරුකුලෙන් මීට ඉහතදී නෙරපා දැමූ ශිෂ්‍යයෙක් ගැන ඔවුන්ට දැනගන්න ලැබී ඔවුන් ආදරය කිරීමට පසුබට වෙනවා. නමුත් සියල්ල වෙනස් වෙන්නේ ඔවුන්ගේ නව සංගීත ගුරුවරයා නිසයි. ඔහු නමින් ‘ රාජ් ආර්යන් ‘. රාජ් ආර්යන් සියළු සිසුන්ගේ සිත් දිනාගන්නවා, සියළුම සිසුන් ඔහුට ආදරය කරනවා.නමුත් විදුහල්පති තුමාට ඔහුව සිත් ගන්නේ නෑ. ඔහු ශිෂ්‍යයින්ට සංගිතය වගේම ආදරයත් උගන්වනවා. ගුරුකුලය උඩුයටිකුරු කිරීමට ඔහු සමත් වෙනවා. මේ හේතුව නිසාම ඔහුට විදුහල් පති තුමා එක්කත් ගැටෙන්න වෙනවා. වෙනස්වීම් වලට අකමැති මේ පුද්ගලයා සමග රාජ් ආර්යන් ගනුදෙනු කරන හැටි හරිම සිත් ගන්නා සුළුයි. තමන්ගේ ආදර වන්තිය යලි කවදාවත් දකින්න නොලැබෙයි නම්, ඇගේ කටහඬ යලි අහන්න නොහැකියි නම්.. කෙනෙක්ට මේක කොහොම දැනෙයිද? ඒ වගේ දරුණු වේදනාවක් විඳින පුද්ගලයෙක් තමයි රාජ් ආර්යන් කියන්නෙ. ජීවිත කාලෙම එකම කෙනෙක්ට ආදරය කරන මිනිසුන් ලෝකයේ අඩුයි, ඇගේ මරණින් පසුවත් ඇයටම ආදරේ කරමින් ජීවත් වන ඔහුගෙ වේදනාබර කතා පුවතද මෙහි දිග හැරෙනවා. නමුත් තමන්ට නොලැබුණ ආදරය අනිත් අය විඳිනවා බලන්නයි ඔහු උත්සාහ කරන්නේ. ඔහු ආදරය දකින ඕනෑම තැනක තම ආදර වන්තිය ‘ මේඝා ‘ දකිනවා. මේ නිසා, මෙහි බොහොම දැඩි පුද්ගලයෙක් වුණ විදුහල්පති හා ‘රාජ් ආර්යන්’ අතර සටන තවත් උග්‍ර වෙනවා. ආදරයේ අරුත නොදත් ‘නාරායන් ශංකර්’ ව වෙනස් කිරීමට ‘ආර්යන්’ උත්සාහ ගන්නවා…
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇