[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
අතීතයේ විසු වයසක රජෙකු, ඔහුගේ අංගනයේ නර්තනයන් ඉදිරිපත් කළ මංජුලිකා නම් නළඟනට ආලය කළේය. නමුදු එම නළඟන ආලය කරනු ලැබුවේ එම රජ වාසලෙහිම විසු ශාසිදර් නම් සංගීතඥයෙකු හටයි. එම ආලය කෙමෙන් කෙමෙන් වැඩි වූ අතර එම ආලය ගැන වයසක රජුගේ කනට වැටුණි. එක් දිනක රජ වාසලෙහි මංජුලිකා නළඟන නර්තනය කරමින් ඉන්නා අතර තුර, මංජුලිකා ඉදිරියේදීම ඇයගේ ආලය වන ශශිදර් ගේ හිස කඳින් වෙන් කරනු ලැබුවේය. ඉනපසු වයසක රජු මංජුලිකාව කසාද බැදීමේ අරමුණින් ඇයව කාමරයක සිර කර මංගල දිනයේ ඇය රැගෙන එන ලෙස ඔහුගේ සේවකයන්ට පැවසීය. එවිට සේවකයන්ට දැකගත හැකි වූයේ මංජුලිකා ගේ මෘත දේහයයි, ඇයද වයසක රජු හට ලිපියක් ලියා සියදිවි හානිකරගත්තාය.
එම ලිපියේ සඳහන්ව තිබුණේ “ඇයගේ ආත්මය කිසිම රජ කෙනෙකුට එම වලව්වේ ජීවත් වීමට නොදෙන බවයි”. ඊට දින කිහිපයකට පසු එම වයසක රජුද හිටිහැටියේම මිය ගියේය. ඉන් පසු එම වලව්වේ මංජුලිකාගේ යක්දෙස්සිය සැරිසරන ලෙස කට කතා පැතිර ගිය අතර එම වලව්ව පාළුවට ගියේය. එමෙන්ම එහි සැරිසරන ලද මංජුලිකගේ භූත ආත්මය උසස් අදුරුතුමෙක් ලව්වා එම වලව්වේ තුන්වෙනි තට්ටුවේ එක් කාමරයක දමා මන්තර-ගුරුකම් කර සිරකරනු ලැබීය.
වර්තමානයේ, ඇමරිකාවේ විසූ එම රජ පරම්පරාවෙන් පැවත ආ සිද්දාර්ත් නම් තරුණයා ළඟදි විවාහ වූ තම බිරිද සමග, එම වලව්වේ නැවතීම අනතුරු දායක යැයි, එම වලව්වේ භූත උපද්‍රව තියේ යැයි කියු තම ඥාතින් ගේ කියුම් නොඅසා එම වලව්වේ පදිංචියට යයි. ඔහුගේ ආරක්ෂාව උදෙසා එම පවුලේ සියලු ඥාතින්ද ඔහු සමග එම වලව්වේ වාසය කිරීමට යයි. ඇමරිකාවෙන් පැමිණි ජෝඩුව මෙම භූතයන් ප්‍රේතයන් ගැන විශ්වාස නොකරන අතර, සිද්දාර්ත් ගේ බිරිඳ වන අව්නි, තම වැඩිහිටියන්ගේ කීමද නොඅසා තුන්වෙනි තට්ටුවේ මංජුලිකා යක්දෙස්සිය හිර කර තැබූ කාමරයේ අගුල කඩා එයට ඇතුළු වෙයි. ඉන්පසු නොයෙකුත් භූත සිදුවීම් වලව්ව තුළ ඇතිවන අතර සිද්දාර්ත් එය නොපිළිගනී. ඒ වෙනුවට ඔවුන්ගේ ඥාතින් විසින් හදාගනු ලැබූ රාධා නම් යුවතියට මානසික රෝගයක් ඇතැයි මේ දේවල් සිදු කරනුයේ ඇය යයි පවසා ඇයව සුව කිරීමට ඔහුගේ විකාර මිතුරෙකු මෙන්ම මනොවිදයාඥකුද වන ආදිත්‍ය හට එන ලෙස පවසයි….
තුන්වෙනි තට්ටුවේ අගුල ඇරිය පසු සිදු වූයේ කුමක්ද?
වලව්වේ සිදුවන භූත සිද්ධීන් වලට එය සම්බන්ධයිද?
මංජුලිකාගේ ගේ භූත ආත්මය කා තුළට හෝ වැහී ඇද්ද?
නැතිනම් මේ සියල්ල කරනුයේ රාධා නම් යුවතියද?
රාධා සුව කිරීමට පැමිණෙන විකාර මනොවිදයාඥ’යා මොන විදියේ කෙනෙක්ද?
සිද්දාර්ත්ගේ ඥාතින් එම මනෝවිද්‍යාඥයා කෙලෙස පිළිගනියිද?
මංජුලිකා නම් යක්දෙස්සියගේ අරමුණ කුමක්ද?
මෙම සිද්ධියෙන් ජීවිත හානි විය හැකිද?
ආදිත්‍ය හට මේ ප්‍රහේලිකාව විසදීමට හැකි වෙයිද?
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
