🎥 Movie Name - Golmaal (2006)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
චිත්රපටිය මෙහෙමයි, කොල්ලො 4 දෙනෙක් ඉන්නවා. එක කොල්ලෙක් කොලේජ් එකේ ඉගෙන ගන්නවා. අනික් කොල්ලො 3 දෙනත් එයත් එක්කම හොස්ටල් එකේ එක කාමරේ ඉන්නේ. මේ කොල්ලො 3 දෙනා මීට අවුරුදු 10කට කලින් මේ පාසලෙන් එලවපු කට්ටියක්. මෙයාල සල්ලි හොයන්න එක එක මගෝඩි වැඩ කරනවා වෙලාවකට පාසලේ දේවල් හොරකම් කරනවා, වෙලාවකට ඉගෙනගන්න ළමයි රවට්ටනවා ඒ වගේ වැඩ තමයි කරන්නේ. දවසක් විභාග ප්රශ්ණ පත්රය මෙයාලට හම්බෙලා ඒක විකුණලා සල්ලි හොයනවා. ඒ ගැන පින්සිපල් දැනගෙන 4 දෙනාම පාසල් එළියට දානවා. මෙහෙම ඉබාගාතේ යනකොට මෙයාලා කලින් ගත්ත ණයක් දෙන්නැතුව මගහරිමින් ඉන්න වසුලිට අහුවෙනා. එයාගෙන් බේරෙන්න දුවනකොට අහම්බෙන් ගෙදරකට යනවා. ඒ ගෙදර අන්ධයෝ දෙන්නෙක් ඉන්නේ මේ දෙන්නා ඇමෙරිකාවේ ඉදන් එයාලගේ මුණුබුරා වන සමීර් එනකල් මග බලාගෙන ඉන්නේ. ඉතින් මේ බව දැනගෙන ගෝපාල්, සමීර් විධියට එයාලා ඉස්සරහට යන්න හදනවා. ඒත් වෙන්නේ එයාලා හිතපු විධියට නෙවේ. මෙයාලට මෙහෙදි නිරාලි කියලා කෙල්ලෙකුත් හම්බෙනවා. ලකි නැතුව අනික් තුන් දෙනාම ඒ කෙල්ලට ලයින් ඒක දානවා, කෙල්ලගේ හිත දිනා ගන්න එක එක වැඩ කරනවා, මේ ගෙදරදි මෙයාලට එක එක අකරතැබ්බ වලට මුහුණ පාන්න වෙනවා, එතකොට ඇමෙරිකාවේ සමීර් එනවද? එයාලට මොකද වෙලා තියෙන්නේ?, මෙයාලගේ හොරවැඩ අහුවෙනවද? ඒවගෙන් බේරෙන්නේ කොහොමද? නිරාලිගේ ආදරය කාටද හම්බෙන්නේ? මේකේ පෙට්ටියක් ගැනත් තියෙනවා, ඒකේ මොනවද තියෙන්නේ?.. ආ තව දෙයක්.. මේ ගෙදරට තව මැර කල්ලියකුත් ඇහැ ගහගෙන ඉන්නවා. ඒ මොකටද? කියලා බලන්නනම් ඉතින් බා ගන්නම වෙනවා.. මුලු චිත්රපටිය ගැනම කීවොත් රසයක් නැතිව යනවනේ. මෙච්චරයි අවසානෙට කියන්න තියෙන්නෙ, මෙයාලගේ අංග චලනයන් පවා හොදට තේරුම් අරන් බලුවොත් බඩ පැලෙන්න හිනා වෙන්න පුලුවන්.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇